20ට එරෙහි පෙත්සම් විභාගය අදත්

ඔක් 05, 2020

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 39 ක් විභාග කිරීම අද 4 වැනි දිනටත් සිදු කෙරේ.

    ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ , ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

    එම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 39 අතරින් 37 ක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔවුන්ගේ නීතිඥවරුන්ට හා පෙත්සම්කරුවන්ට පසුගියදා අවසර ලබාදුන් අතර පෙත්සම් දෙකකට අදාළ සිතාසි නිසියාකාරව කතානායකවරයාට ලබාදී නොතිබීම නිසා ඒවා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙත්සම්කරුවන්ට අධිකරණය අවසර ලබානොදුන්නේය.

    අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස සම්බන්ධවීමට අවසර ඉල්ලා පෙත්සම් 20 ක් ගොනු කර තිබූ අතර පෙත්සම්කරුවන් සහ ඔවුන්ගේ නීතිඥවරුන් පෙනී නොසිටීම නිසා පෙත්සම් තුනක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුනොවීය.

    එහිදී වැඩිදුර පෙත්සම් විභාගය අද පෙරවරු 9 දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 17:58

    Latest News