ආණමඩුවේ තරුණයෙකුට තෙවන වරටත් කොවිඩ් ආසාදනය වේ

ඔක් 05, 2020

    ආණමඩුවේ තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකුට තෙවන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස සනාථ වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා සඳහන් කරනවා.

    මෙසේ කොවිඩ් අසාදනය වී ඇත්තේ ඩුබායිහි රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින මෙරටට පැමිණ, පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආසාදිතයකු බවට තහවුරු වු අයෙක් බව පැවසේ.

    අදාළ තරුණයා තෙන්නන්කුරියාව පදිංචිකරුවෙක්.

    සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී දෙවනවරට යළි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සැප්තැම්බර් 17 දින හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුළත් කර ඇත.

    එහිදී නැවත ඔහු කරන ලද P.C.R පරීක්ෂණ වලින් කොවිඩ් අසාදිතයකු බව තහවුරුවී තිබේ.

    Latest News