මත්ද්‍ර‍ව්‍ය පාලන යාන්ත්‍ර‍ණය ශක්තිමත් කරනවා - අග්‍රාමාත්‍යවරයා

ඔක් 09, 2020

    මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය හා වෙළඳාම වැළැක්වීමට පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා‍ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

    "කංසා" භාවිතයේ අනෙකුත් අහිතකර ප්‍ර‍තිවිපාකයන් පිළිබඳව පණිවිඩය ජනතාව වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍ර‍ව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති බව ද අගමැතිවරයා පැවසීය.

    දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු පාර්ශ්වකරුවන්ගේ දිර්ඝ කාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට දුම්වැටි භාවිතයේ අඩුවීමක් සමාජය තුළ දක්නට ලැබෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    Latest News