අද (12) සවස සිට එම කාර්ය ආරම්භ වන අතර නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිසට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
“ඩ්‍රෝන කැමරා මඟින් ලබා දෙන දත්ත අනුව කටයුතු කිරීමට විශේෂ මෙහෙයුම් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා සුදානම් කර කරලා තිබෙනවා.
එම දත්තයන් ලැබුණ විගසම අදාළ ස්ථානවලට ගොස් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.
ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව තම නිවෙස තුළම රැඳී සිටින්න ඕනේ කිසිදු ආකාරයක සංචරණයක් වෙන්න බෑ.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.