අය-වැය සජිව විකාශය හෙට (17) ප.ව. 1.40ට ජාතික නාලිකාවෙන්

නොවැ 16, 2020
  • 2021 වසර සඳහා වන අය-වැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ස්ථාපනය මෙවර අය-වැයේ ප්‍රධාන අරමුණයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අය-වැය ඉදිරිපත් කරන්නේ 12 වැනි වරටයි. ඒය මෙරට 75 වැනි අයවැයයි. නව රජයේ පළමු අය-වැය හෙට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ, ලොව ප්‍රධාන ආර්ථිකයන් පවා කොවිඩ්-19 වසංගතය හමුවේ පසුබෑමට ලක්ව ඇති අවස්ථාවකයි.

    මේ වසරේ අතුරු සම්මත ගිණුම් 4කින් මුදල් වෙන් කෙරුණු අතර, ඒ් පිළිබඳ වියදම් ඇතුළත් අය-වැය ද පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    ඒහිදී මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ආනයන මත පදනම් නොවූ දේශීය නිෂ්පාදන කෙරෙහි වැඩි විශ්වාසයක් තබන ආර්ථිකයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.

    ඒමෙන්ම 5%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම සහ ණය බර අඩු කිරීම ද ලබන වසර සඳහා ඉදිරිපත් කෙරෙන අය-වැයේ ප්‍රමුඛ අරමුණු අතර වේ.

    ලබන වසර සඳහා වන අය-වැය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට පස්වරු 1.40ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය ලබන 18 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි. දෙවැනි වරට කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 21 වැනි දින සවස 5.00ටයි.

    තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ලබන 25 වැනි දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.

    කාරක සභා අවස්ථාවේදී ඒක් ඒක් අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ. කාරක සභා අවස්ථාවෙන් පසු 2021 අය-වැය සඳහා අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 10 පැවැත්වීමට නියමිතයි.

    අය-වැය විවාදය උදේ 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර, ඒය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ තේරීම් කාරක සභාව පියවර ගෙන තිබේ.

    Last modified on සදුදා, 16 නොවැම්බර් 2020 19:38

    Latest News