ඔස්ට්‍රේලියාවට පන්දුවට පහරදීමට කැඳවීමක්

ජන 18, 2019

    සංචාරක ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම් අතර තෙදින දිවා-රාත්‍රී පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

    දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 99ක් ලබා සිටියේය. තරගය ඔස්ට්‍රේලියාවේ හෝබාට්හිදී පැවැත්වේ. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 316ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

    පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත්විය.

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 18:08

    Latest News