මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇප මත මුදා හැරේ

නොවැ 25, 2020

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද ඇප මත මුදා හැරිණ.

    ඒ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ 10 ක ශරීර ඇප 2 ක් මතයි.

    රටපුරා හා බන්ධනාගාර තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිර යාම සුවිශේෂී කරුණක් ලෙස සලකා එම සැකකරුට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශගතවීම වළක්වන නියෝගයක් පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදීමේ ඇප කොන්දේසියට යටත්ව ඇප නියෝගය නිකුත් කෙරිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රජයට අයත් රුපියල් ලක්ෂ 95 කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

    Latest News