ඊයේ දිනට කොවිඩ් මරණ 7ක්

දෙසැ 06, 2020

    ගතවූ පැය 24 තුල කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 27,227ක් වන අතර ඉන් පුද්ගලයින් 20,089ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

    ඊයේ දින වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 7,001 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද උදෑසන 6.00 වන විට මෙරටින් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 7 දෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් බණ්ඩාරගම,කොළඹ බන්ධනාගාරය,වැලිකඩ බන්ධනාගාරය,දෙමටගොඩ,කොළඹ 13 හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    ඒ අනූව අද උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Last modified on ඉරිදා, 06 දෙසැම්බර් 2020 11:05

    Latest News