අයිස් හා හෙරොයින් 200kgක් හලාවතදී අත්අඩංගුවට

දෙසැ 06, 2020

    රුපියල් කෝටි 100කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් හලාවත,තොඩුවාව ප්‍රදේශයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ බාරයට ගෙන තිබේ.

    මෑතක දී අත්අඩංගුවට ගත් වැඩිම අයිස් මත්ද්‍රව්‍ය තොගය වන්නේ ද මෙයයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත, සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි, මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැකපිට පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථ දෙකක්, වෑන් රථයක් හා ලොරි රථ දෙකක් සුරාබදු නිලධාරීන්ගේ බාරයට ගැනිණ.

    සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, හෙ‍රොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 60කට අධික බවයි. අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 40කට අධික බව ද ඔහු සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 06 දෙසැම්බර් 2020 12:31

    Latest News