රැකියා ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි 20 වනදා ඇරඹිණ.
පුවත්පත්වල පළ කළ දැන්වීම් මගින් රැකියා අපේක්ෂිතයන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබීය. අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් දිස්ත්‍රික් කාර්යාල වෙත ගෙන්වා අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජන කොට සුදුස්සන් තෝරා ගැනීම සිදු විය.
ඔවුන්ගෙන් ප්‍රථම කණ්ඩායමට පත්වීම් ලිපි ප්රදානය ඔක්තෝබර් 19 වනදා ආරම්භ කෙරිණ. දැනට එසේ තෝරා ගනු ලැබූ 34,818 දෙනෙක් පුහුණුව ලබමින් සිටිති.
අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් වර්ධනය, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිදුකම පිටුදැකිම සහ ආදායම් විසමතා සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම වැඩසටහනේ අවසාන ඉලක්කයයි.
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රථම සංවත්සරය නිමිත්තෙන් පසුගිය සතියේ උතුරු පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චි, වව්නියා සහ මන්නාරම යන සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ලේ දන් දීමේ ව්‍යාපාරයක් සංවිධාන කෙරිණ. එකී දිස්ත්‍රික්කවල බහුකාර්ය සහයකයෝ ඊට දායක වූහ. 'කොවිඩ් 19' වසංගතය හමුවේ දිවයිනේ ලේ බැංකුවල පහත බැස තිබූ ලේ සංචිත ඉහළ නැංවීම එහි අරමුණ විය.