ශ්‍රී ලන්කන් කේටරින් සේවකයින් 08 දෙනෙකට කොරෝනා

දෙසැ 18, 2020

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි ශ්‍රී ලංකන් කේටරින් අංශයේ සේවයේ නියුතු සේවකයින් 08 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

    ශ්‍රී ලංකන් කේටරින් අංශයේ සේවයේ නියුතු එක් සේවකයෙක් පසුගිය සඳුදා දින කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන තිබේ.‍

    ඒ අනූව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් හත් දෙනෙක්ට සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු කර ගෙන තිබේ.

    මේ වන විට ආදාල කොවිඩ්-19 ආසාධනය වී ඇති සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සෙසු කාර්ය මණ්ඩලයේ සේවකයින් PCR පරීක්ෂණවලට භාජනය කර ඇත.

    ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රමබලකාය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සෑම පියවරක්ම ගෙන ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

    Latest News