සීමාව පැන්න ඉන්දීය යාත්‍රා 9ක් යළි එරටට (ඡායාරූප)

ජන 22, 2019

    මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලි සිටිය දී නාවික හමුදා බාරයට ගත් ඉන්දියා ට්‍රෝලර් යාත්‍රා 9ක් යළි එරටට බාරදී තිබෙනවා.

    කන්කසන්තුරේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ජැටියෙහි නැංගුරම්ලා තිබූ එම ට්‍රෝලර් යාත්‍රා පසුගිය 17 වැනි දින අලුත්වැඩියා කෙරුණා. ඒ ඉන්දීය ඉංජිනේරුවන් පිරිසක් විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් ද එම යාත්‍රා බාරදීමේ අවස්ථාවට එක්වුණා.

    ඒවා බාරදෙනු ලැබුවේ කන්කසන්තුරේට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ දී. ට්‍රෝලර් යාත්‍රා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අමේයා නෞකාව වෙත බාරදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියා කළා.

     

    1

    4

    6

    7

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 10:10

    Latest News