පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් කල් දැමේ

දෙසැ 25, 2020

    ජනවාරි 15 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කළේය.

    ඒ් අනුව එම වාර්ෂික ස්ථාන මාරුවීම් මාර්තු 15 වැනිදිිින දක්වා කල් දමා තිබේ.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පොලිස්පතිගේ විශේෂ නියෝගයක් මත මෙම තීරණය ගත් බවයි.‍

    Latest News