පාර්ලිමේන්තුවට හානි කළ වාර්තාව කථානායකට

ජන 22, 2019

    නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිලිබදව සොයා බැලීමට පත්කළ කටිමුවේ වාර්ථාව අද දහවල් කථානායක කරු ජයසුරිය මහතාට භාරදී තිබේ.

    එම දින කිහිපයේදි පාර්ලිමේන්තුවේ ඇති වු සිද්ධිය සෙවීමට කථානායක විසින් මෙම කමිටුව පත් කළේය. ඒ අනුව නියෝජ්‍ය කථානායක චමින්ද විජේසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් විසින් එම සිද්ධිය සොයා බැලුවේය.

    එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකරන අතර එහිදී ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කථානායකවරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසනු ඇත. එම වාර්තාව නීතිපතිවරයා විසින් අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මත කිරීමක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් වාර්තා වේ.

    එම සිද්ධියෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ දේපළ වලට හානි සිදුවිය.

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 15:14

    Latest News