සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අවතැන් වන ජනතාවට කඩිනම් විසඳුම් ලබා දෙන්න - ජනපති

දෙසැ 31, 2020

    සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අවතැන් වන ජනතාවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි.

    රජයේ සහ තමාගේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාව දීම බව සඳහන් කළ ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර දේශපාලන අධිකාරියේ පූර්ණ සහාය ඔවුනට හිමි විය යුතු බවද පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ගම සමඟ පිළිසඳර” සඳහා කැබිතිගොල්ලෑව, කණුගහවැව ගමට ගිය අවස්ථාවේදීය.

    මින් ඉදිරියට ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ඉඩම් අහිමි වන්නන්ට විකල්ප ඉඩම් සහ වන්දි දීමට ප්‍රමුඛත්වය හිමි විය යුතු යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    Latest News