නව වසරේ උදාව සැමරීමට සංවිධාන කර ඇති උත්සව පිළිබඳ සෙවීමට විශේෂ මෙහෙයුමක්

දෙසැ 31, 2020

    නව වසරේ උදාව සැමරීම සඳහා සංවිධානය කර ඇති සාද හා උත්සව සම්බන්ධයෙන් සොයා බැලීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන රීති උල්ලංගණය කරමින් එවැනි උත්සව හෝ සාද සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බවයි.

    එබැවින් උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සහ සිය නිවසට පමණක් සීමා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News