හමුදා සෙබලා නිසා බේරුණ පූනරින් ගුරුවරිය

ජන 23, 2019

    පූනරීන්, කජුවත්ත ප්‍රදේශයේ (පසුගිය 22 වැනිදා) පාසල් යමින් සිටි පාසල් ගුරුවරියක යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැහැර ගෙන යාමට උත්සාහ කර ඇත.

    ඒ අවස්ථාවේ මුර සංචාරයේ යෙදුණු 663 බලසේනාවට අයත් 15වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙබළුන් පිරිසක්, ගුරුවරියගේ කෑගැසිම ඇසී එම ස්ථානයට පැමිණ තිබේ. එවිට අනතුර සිදු කිරීමට උත්සහ කළ පුද්ගලයන් පලාගොස් ඇති අතර පසුව ජයපුරම් ගම්වැසියන් සහ යුදහමුදාව එක්ව ඔවුන් දෙදෙනා අල්ලා පොලිසියට බාර දෙනු ලැබිණ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජනවාරි 2019 09:19

    Latest News