පකිස්තාන අගමැතිගෙන් සුභපැතුම්

ජන 23, 2019

    දෙරට අතර පවතින බහු ආංශික සබඳතා නව ප්‍රගතිශිලි ප්‍රවේශයන් බවට වැඩිදියුණු කිරීම සඳහා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව ක්‍රියා කරන බව, පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කරමින්, පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. දශක ගණනාවක් මුළුල්ලේ ද්විපාර්ශ්වික, කලාපීය මෙන්ම අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන ආ සහෘද සබැඳියාව පකිස්තානය නිරතුරුව ඇගයීමට ලක්කරන බව ඉම්රාන් ඛාන් මහතා පවසනවා.

    ශ්‍රී ලංකාවේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වනු දැක්ම, පකිස්තානයේ සම්භාවනාවට ලක්වන අතර, ඊට නොමඳ සහය හිමිවන බවයි, සුබපැතුම් පණිවුඩයේ සඳහන් වන්නේ.

    Latest News