එසේම ලබන 21 වනදා සිට සංචාරකයින් සඳහා රට නැවත විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වුවහොත් එය සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපාන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
තවද සංචාරක ආයතනය සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගෙන සංචාරකයන් ගමන් කරන ස්ථාන පිළිබඳ අධිකාරියට පුර්ව දැනුම්දීමක් සිදුකළ යුතු බවත් සඳහන් කර තිබේ.
මේ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මාධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ඇති කරන බවද සංචාරක අමාත්‍යංශය සඳහන් කරනවා.