කිරලාගල චෛත්‍යයට නැග්ග අය රක්‍ෂිත බන්ධනාගාරයට

ජන 24, 2019

    කිරලාගල චෛත්‍ය මත සිට ඡායාරූප ගත් සැකකරුවන් පෙබරවාරි 05වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හොරොව්පොතාන පොලිස් වසමේ කිරලාගල ඉපැරණි පුරා විද්‍යා භූමියේ නටඹුන් චෛත්‍ය මත සිට ඡායාරූප ගත් සැකකරුවන් හත් දෙනෙකි. මොවුන් ඊයේ (23) අත්අඩංගුවට පත්වූහ.

    සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් 08 දෙනා අද (24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    Latest News