කුඩාවැල්ලේ පරිසර විනාශය (වීඩියෝ)

ජන 25, 2019

    කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රීත මුහුදු තීරයේ දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

    දකුණේ විශාලතම ධීවර වරාය වන කුඩාවැල්ල ධීවර වරාය හා ඒ අවට ප්‍රදේශය දැඩි සේ පාරිසරික හානියකට පත්ව තිබේ.

    මුහුදු වෙරලේ දිරාපත් නොවන ප්ලාස්ටික් බෝතල් හා නයිලොන් දැල් කොටස් හා ඍජුෆෝම් වැනි අපද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් මේ අශ්‍රිත මුහුදු සීමාවද දුෂණය වී තිබේ. සුනඛයන් හා කපුටන් වැනි සත්වයන් මේ අපද්‍රව්‍ය ආහාරයට ගන්නා අයුරුද දැකිය හැකිය. වරාය තුළ බෝට්ටු අලුත්වැඩියා කිරිමේදී ඉවතලන සුන්බුන් ගොඩගසා ඇත්තේ ද පරිසරයට හානිවන ලෙසිනි.

    බලධාරින් මේ පරිසරිය රැකගැනීමට කටයුතු නොකිරීම පරිසරවේදීන්ගේ හා සංචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

    Last modified on සිකුරාදා, 25 ජනවාරි 2019 11:55

    Latest News