ජනවාරි 25 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් 907ක සාමාන්‍ය පෙළ පන්ති පමණක් ආරම්භ කිරීමට දැනටමත් තීරණය කර තිබේ. ඒ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙනි.
සෙසු පන්ති ආරම්භ කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක් එක් දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය සංවර්ධන ආයතන සභාපතිවරුන් ඇතුළු සියලු පාර්ශවවල අදහස් විමසා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමග ද සාකච්ඡා කර ඔවුන්ගේ නිර්දේශ පෙබරවාරි 10 වනදා වනවිට ලබාගැනීමට ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත.
ඒ අනුව පෙබරවාරි 15 වනදා විට එම පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
නව පාසල් වාරය වෙනුවෙන් බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලු ප්‍රදේශවල පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.