සාම සාධක භට පිරිසකට ප්‍රහාරයක්; ශ්‍රී ලංකාවේ දෙකක් මරුට

ජන 25, 2019

    මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා යුද හමුදාභට පිරිසකට ප්‍රහාරයක් එල්ලවේ.

    මෙම ප්‍රහාරයෙන් නිලධාරියෙකු ඇතළු දෙදෙනෙකු මියගොස් තව තිදෙනෙකුට තුවාල සිදු වී ඇත. හමුදාභට පිරිස ගමන් ගත් රථ පෙළක් ඉලක්ක කර අදාළ බෝම්බ පිපිරීම සිදු වී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

    බටහිර අප්‍රිකාවේ ගැටුම් සහිත රාජ්‍යයක් වන මාලි හි ඩවුට්සි ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත රථ පෙළකට අදාළ ප්‍රහාරය එල්ල වී ඇත. ශ්‍රි ලංකා යුද හමුදාවට අයත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් ඉලක්ක කර, එරට වේලාවෙන් පෙ.ව. 6.30ට පමණ මෙම ප්‍රහරය එල්ල වී ඇත.

    මිය ගොස් ඇත්තේ යුද හමුදා කපිතාන් වරයෙකු සහ තවත් සෙබළෙකු වන අතර තුවාලකරුවන් ආසන්නතම රෝහලට ඇතළත් කොට ඇත. සන්නද්ධ රථයට දැඩි අලාභහානි සිදු වී ඇති අතර ඊට පිටුපසින් ධාවනය වූ තවත් රථයකට අලාභහානි සිදු වී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

     

    තවදුරටත් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 25 ජනවාරි 2019 16:10

    Latest News