ඒ අරමුණින්, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සියලු පාසල්වල "ගුවන් සමාජ" පිහිටුවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි. කොළඹ පියසැරි සංගමය යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් යානා ප්‍රදර්ශනයක් ද විවෘත කෙරිණ. විවිධ මාදිලියේ යානා 35ක් එම ස්ථානයට රැගෙනවිත් තිබුණේ, මීගමුවේ පදිංචි එඩ්වඩ් පෙරේරා මහතායි.
ඔහු නිෂ්පාදනය කළ වාෂ්ප මගින් ක්‍රියාත්මක දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් යානයක් ද අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය. ඩ්‍රෝන සහ දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් යානා යනු වර්ග දෙකක් බැවින්, ඒවා සම්බන්ධයෙන් වෙන වෙනම නීති සැකසීමට අවශ්‍ය බව අමාත්‍යවරයා කියා සිටියේය.