දැරණියගල පාසල් දැරියගේ ඉල්ලීම පැය 24 කටත් මත්තෙන් ඵලදරයි (වීඩියෝ)

පෙබ 07, 2021
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැරණියගල මාලිබොඩ දික්ඇල්ලකන්ද ප්‍රාථමික විද්‍යාලයේ "ගම සමඟ පිළිසඳර" වැඩසටහනට සහභාගි වී පැය 24ක් ගතවීමටත් මත්තෙන්, මාලිබොඩ පොත්දෙණිකන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබේ.

    ඒ, යුද හමුදාවේ දායකත්වයෙන් ක්‍රීඩා පිටිය පිළිසකර කෙරෙන්නේ සිසුවියක කළ ඉල්ලීමකට අනුවයි. දැරණියගල මාලිබොඩ පොත්දෙණිකන්ද මහා විද්‍යාලය, ප්‍රාථමික පාසල් දෙකක් සහ කණිෂ්ඨ පාසල් 7ක් පෝෂණය කරන පර්ෂද මූලස්ථ විදුහලක්.

    එහි ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණයෙන් දරුවන්ගේ ක්‍රීඩා කටයුතුවලට අමතරව මාලිබොඩ, දික්ඇල්ලකන්ද, මාගල, පොත්දෙණිකන්ද, යටිවල සහ පන්දාහවත්ත යන ග්‍රාමසේවා වසම්වල පවුල් 1700ක ප්‍රජා කටයුතු සඳහා ද අවස්ථාව හිමිවේ.

    පැවති අඩුපාඩුව කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගැනීම පිලිබඳව ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලු පාර්ශව වෙත ස්තුතිය පුද කරයි.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 22:48

    Latest News