ඊයේ(08) මෙරටින් කොවිඩ්‌ ආසාදිතයින්‌ 887 ක්

පෙබ 09, 2021

    ඊයේ(08) ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 887 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින්‌ අතරින්‌ පුද්ගලයින්‌ 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්‌ ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින්‌ 878 දෙනා දේශීයව හඳුනාගත්‌ පුද්ගලයින්‌ ලෙස වාර්ථා වේ. හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ වාර්ථා වන අතර, ඒ ආසාදිතයින්‌ 214 ක්‌ ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 208 ක්‌ සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 181 ක්‌ ලෙස වාර්ථා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 275 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොචිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 70,234 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 64,140 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. එමෙන්ම අද (09) උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින්‌ 5,729 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    පසුගිය පැය 24 තූළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාංස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 740 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    එමෙන්ම ඊයේ (08) දිනය තුල 1214 පරික්‍ෂණ 12,145 ක්‌ සිදුකර ඇත.

    Latest News