මෙරට කොවිඩ් මරණ 400 ඉක්මවයි

පෙබ 15, 2021

    අද (15) තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

    ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403 කි.

    මෙලෙස මියගොස් ඇත්තේ දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පල්ලෙතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

    Press-Release---170.jpg

    Latest News