වන වගා රක්ෂිතයක ගින්නක්..... අක්කර පහක් පමණ විනාශ වෙයි...

පෙබ 17, 2021

    යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක (17) දින පස්වරුවේ හටගත් ගින්නකින් එම වන වගා රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.

    හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වත්තට අයත් යුකෙලේප්ස්ටික් වන වගා රක්ෂිතයකයි ගින්න හටගෙන තිබෙන්නේ.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම වන වගා රක්ෂිතයේ සැරිසරන සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි, ප්‍රදේශවාසීන් සැකකරන්නේ.

    පවතින වියළි කාලගුණයත් සමග රජයේ රක්ෂිතවලට සහ තේ වතු ආශ්‍රිත වන වගා රක්ෂිත වලට ගිනි තබන අය පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස හැටන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මෙවැනි ගිනි තැබිම් නිසා විශාල පරිසර හානියක් මෙන්ම එම රක්ෂිත හරහා ගලා බසින ජල උල්පත්ද සිදි යාමේ අවධානමට ලක්වි ඇත.

    Latest News