ගතවූ පැය 24ට ආසාදිතයින් 713ක්

පෙබ 18, 2021

    අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

    ඉතිරි පුද්ගලයින් 713 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 223 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක් ලෙස වාර්ථා වෙයි. අනෙක් ආසාදිතයින් 281 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 77,905ක් වන අතර ඉන් පුද්ගලයින් 71,175ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,308 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 747ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    Latest News