පුරන් කුඹුරු 50,000 ක් අස්වැද්දීමට සැලසුම්

පෙබ 18, 2021

    පුරන් කුඹුරු අක්කර 50,000 ක් ඉදිරි යළ කන්නයේදී අස්වැද්දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සඳහන් කළේ, මෙරට කුඹුරු අක්කර 125,000 ක් පමණ පුරන්වී ඇති බවය.

    වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාත හා තවත් තොරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් කුඹුරු අස්වැද්දීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.

    ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පුරන් කුඹුරු අස්වැද්දීමේදී බිත්තර වී සහනදායී මිලකට ලබා දෙන අතර ඇළ වේලී සකස් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සිදු කෙරෙනු ඇති බවයි.

    Latest News