මේ වසරේදී විශ්වවිද්‍යාල සඳහා සිසුන් 10,579 බඳවා ගැනේ

පෙබ 18, 2021

    මේ වසරේදී විශ්වවිද්‍යාල වලට සිසුන් 10,579 දෙනෙකු වැඩිපුර බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.

    ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    මේ අනුව වෛද්‍ය විද්‍යාවලට 481 දෙනෙකු, ඉංජිනේරු පීඨයට 565 දෙනෙකු, විද්‍යා විෂය ධාරාවට 2973 දෙනෙකු, තාක්ෂණ විෂය ධාරාවට 1099 දෙනෙකු, කළමණාකරණ හා වානිජ විෂය ධාරාවට 1803 දෙනෙකු, කලා අංශයට 1680 දෙනෙකු සහ සෞන්දර්ය විෂය ධාරාවට 318 දෙනෙකු වශයෙන් අලුතින් සිසුන් බඳවා ගන්නා බව සභාපතිවරයා සඳහන් කළා.

     

    Latest News