නව වසරේ සීනි නිෂ්පාදනය ආරම්භ කෙරුණේ ඊයේ පෙරවරුවේ සුබ මොහොතින්. උක් ටොන් හාර ලක්ෂ පනස් දහසක් ඇඹරීමට නියමිතයි.
එතනෝල් ලීටර ලක්ෂ හතර හමාරක් නිපදවීමට ද සැලසුම් කර තිබේ.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර,විජිත බේරුගොඩ,පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර,සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.