පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට

පෙබ 21, 2021

    මීපේ දෙකදුගල ගල්කොරියක ගබඩාවකින් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොරකම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පාදුක්ක පොලීසිය කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

    සොරකම් කළ ජෙනරේටර් 15 , සේවා නූල් මීටර් 140 කට වැඩි ප්‍රමාණයක් , වෝටර්ජෙල් කූරු 40 ක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    මෙම සැකකරුවන් පාදුක්ක පිටුදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි, පොලීසිය ප්‍රකාශ කළේ.

    Latest News