රජය එහි පළමු අදියර සඳහා රුපියල් කෝටි 25ක් වෙන් කර තිබේ. රජයේ සහතික මිලට වී මිලදී ගැනීම මධ්‍යස්ථාන 14කදී ක්‍රියාවට නංවා ඇති අතර, උතුරු පළාතේ වී මෙට්‍රික් ටොන් 58,000ක් මිලදී ගැනීමට අපේක්‍ෂිතයි.
එහි පළමු අදියරට රුපියල් කෝටි 25ක් වෙන්කර ඇති බව වී අළෙවි මණ්ඩයේ උතුරු පළාත් ප්‍රාදේශීය කළමනාකරු ඩබ්.එම්.එන්.ආර්. වීරසේකර මහතා සඳහන් කළේය. නාඩු වී කිලෝවක් රුපියල් 52කට මිලදී ගනු ලබයි. සම්බා වී කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 54කටයි.
ගොවීන්ට සිය අස්වනු සඳහා ප්‍රමාදයකින් තොරව මුදල් ලබාගැනීමේ පහසුකම් සලසා තිබේ. යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල මෙවර මාස් කන්නයේ වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබී ඇති බව අප වාර්තාකරු පවසයි.