ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 464 කි. මෙලෙස මිය ගොස් ඇත්තේ, නවදගල 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාරාහේන්පිට 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ නවය 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වේයන්ගොඩ හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.