වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ රාජ්‍ය ණය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ 25දා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී මැණික් ක්ෂේත්රය විශේෂයෙන් ඉලක්ක කළ ක්ෂේත්රයක් බවත්, වෙළඳපොලක් නොමැති වීම නිසා බොහෝ රටවලට මැණික් මේ දක්වා ශ්‍රී ලංකාවේ අපනයනය වී ඇත්තේ තායිලන්තයේ බැංකොක් මැණික් වෙළඳපොලෙන් බවත්, මෙරට වෙළඳපොලක් ඇතිකිරීම හරහා අමෙරිකානු ඩොලර් බිලියන එකක පමණ ආදායමක් මෙරටට අපේක්ෂා කරන බවත්, පසුගිය වසරේ මැණික් අපනයනයෙන් මෙරටට ලැබුණේ අමෙරිකානු ඩොලර් මිලියන තුන් සියයක් පමණක් බවත්, අමාත්‍යවරයා එහිදි පෙන්වාදුනි.
වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ මැණීක්වලින් මෙරටට වඩා තායිලන්තය විශාල ආදායමක් උපයන බවත්, මෙම වසරේ සිට මැණික්වල සමස්ත ආදායම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්, ඒ අනුව මැණික් අපනයනයේදී තිබූ බාධා ඉවත්කර බද්ද ඉවත් කර තිබෙන බවත්ය. මිට අමතරව සේවා සැපයීම සහ සංචාරක කර්මාන්තය හරහා විශාල ආදායමක් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බවත්, ඒ අනුව එම ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හයක් ඉක්මවන බවත්, 2018 වර්ෂයේදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් පමණ වූ බවත් පසුගිය වසරේ සහ 2019 වසරේ සිදුවීම් හරහා එම ආදායම ලබාගැනීමට තමන්ට නොහැකි වූ බවත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
එමෙන්ම තොරතුරු තාක්ෂණය, උපදේශන සේවාව, හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් පමණ ආදායමක් ලබාගැනීමට හැකිවෙතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම පුහුණු ශ්‍රමිකයන් හරහාද විදේශ ආදායම ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමඟ එක්ව පුහුණු කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ අනුව අනාගතයේදී මෙරටෙන් විදේශ රටවල යන ශ්‍රමිකයන්ට රැකවරණයක් සමඟ සාර්ථකව කටයුතු කිරීමට හැකියාවක් ඇති බවත්, එමගින් වඩා හොඳ විදෙස් ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
එමෙන්ම වරාය නගරය හා හම්බන්තොට ආයෝජන කලාපය හරහා විදෙස් ආයෝජන ලබාගැනීමට තම රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.