මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ දුෂ්කර ගම්මානවල ජනතාව මුණගැසී ඔවුන්ගේ ගැටලුවලට ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමුකර විසඳුම් ලබාදීම වැඩසටහනේ අරමුණයි.
ගෝමරන්කඩවල පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර 45ක් දුරින්. එහි සිට තවත් කිලෝ මීටර 8ක් පමණ ඈතින් පිහිටි කිවුලේකඩවල ග්‍රාම නිලධාරි වසමේ පවුල් 416කට අයත් ජනතාව වර්තමානයේ මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ වන අලි තර්ජනයයි.
ගම්වාසීන්ට 2009 වසරට පෙර LTTE ත්රස්තවාදීන්ගේ දැඩි පීඩනයට ද ලක්වීමට සිදුවිය. අද වනවිට යටිතල පහසුකම්, භෞතික සම්පත් හා ගුරු හිඟය හේතුවෙන් අධ්‍යාපන ගැටලු රැසක් ද මතුව තිබේ.
අවම සෞඛ්‍ය පහසුකම් ප්රදේවාසීන් මුහුණ පා සිටින තවත් ප්රමුඛ ගැටලුවක්. පානීය ජල ප්රශ්නය සහ ස්ථිර ලෙස ඉඩම් හිමිකම් නොමැතිවීම ද පවතින ගැටලු අතරවේ.
එම සියලු ගැටලුවලට පිළිතුරු ලබාදීම අද සිදු කෙරේ. ජනාධිපතිවරයෙකු මෙම ගම්මානයට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි.
අඩප්පනේ, පුලිකණ්ඩිකුලම, ඈපාගම, කෝනබැඳිවැව, කිවුලේකඩවල, හැලඹවැව යන මාර්ග ප්‍රතිසංස්කරණයට ද අවධානය යොමු වී තිබේ. ජනතා නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටී.