මත්ස්‍ය ගහනය වැඩි කිරීමට බස් රථ සහ ධීවර යාත්‍රා මුහුදේ ගිල්වීමේ වැඩසටහනක්

පෙබ 27, 2021

    මුහුදේ මත්ස්‍ය ගහනය වැඩි කිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ සහ ධීවර යාත්‍රා මුහුදේ ගිල්වීමේ තවත් වැඩසටහනක් ගාල්ල ධීවර වරාය ආශ්‍රිතව අද ආරම්භ කෙරිණ.

    ඒ, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. භාවිතයෙන් ඉවත් කරනු ලැබ ඇති බස් රථ සහ ධීවර යාත්‍රා නාවික හමුදාවේ “සයුර“ යාත්‍රාවෙන් ගාලු වරායේ සිට කිලෝ මීටර 5ක් පමණ ඈතට ගෙන ගොස් මුහුදේ තැන්පත් කිරීම සිදු කෙරේ.

    කුඩා මසුන් බෝවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම මෙහි අරමුණයි. වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නාවික හමුදාවේ අධීක්‍ෂණය යටතේ. මෙහි නියමු ව්‍යාපෘතිය ත්‍රිකුණාමලය වරායට ආසන්නව පළමුවෙන් ආරම්භ කෙරුණු අතර, එය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 27 පෙබරවාරි 2021 16:00

    Latest News