සැකකරු හඳුනා ගැනීමෙන් පසු පොලිසිය ඔහුගේ නිවස සහිත ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කලේ, ඊයේ පස්වරුවේ. මේ අතර ඝාතනය කෙරුණු තරුණියගේ සොහොයුරා හිස රහිත දේහය සිය නැගණියගේ බවට, අද හඳුනා ගත්තා.
දිවි හානිකර ගෙන ඇති සැකකරු, බුත්තල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ ඒ.එම්. ප්‍රේමසිරි නමැති උප පොලිස් පරීක්ෂකවරයෙක්. 52 හැවිරිදි ඔහු විවාහක තිදරු පියෙකු වේ.
කොරෝනා මර්දනය බාරව ක්‍රියා කර ඇති මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය මවගේ දානමය පිංකමක් සඳහා දින 6ක නිවාඩු ලබා සිටි අතරතුර මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. රබර් කිරි කැපීම සඳහා ගිය පුද්ගලයෙකු අදාළ මළ සිරුර දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබිණ.
ගමන් බෑගයක බහා තිබූ තරුණියගේ මළ සිරුර කොළඹ වේල්ලවීදියේ දමා ගොස් තිබියදී හමුවූයේ ඉකුත් පළමුවැනි දිනයි.
එම තරුණිය කුරුවිට,තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි තිළිණි යශෝධරා නමැති අවිවාහක කාන්තාවක බවට, හඳුනාගෙන තිබේ. ඇයගේ සහෝදරයා කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතන වෙත අද උදේ පැමිණ දේහය හඳුනාගත්තේය.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ආධාරයෙන් තරුණිය කවුරුන්දැයි නිශ්චිතවම තහවුරු කිරීමට හැකිවන බවයි.
කදෙන් වෙන් කළ ඇයගේ හිස මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැහැ. එම ගමන් බෑගය, රැගෙන ආ තැනැත්තා වේල්ලවීදියේ නවතා ඇති රථ වාහන අතරින් ගොස් එය අතහැර දමා නැවත පිටව යන අයුරු ආවේක්ෂණ කැමරා මගින් පොලිසිය විසින් හඳුනා ගනු ලැබීය.
වැඩිදුරත් ආවේක්ෂණ කැමරා උපයෝගී කර ගනිමින් සිදු කළ විමර්ශනයේදී හෙළි වූයේ, හංවැල්ල සිට පිටකොටුව බලා ධාවනය වූ බස් රථයකින් ඔහු ගෑස්පහ මංසන්ධිය දක්වා පැමිණ ඇති බවයි.
ඒ අනුව හංවැල්ල බස් නැවතුම්පොළ ආශ්රිත සීසීටීවී දර්ශනය නිරීක්ෂණය කිරීමේදී, ඔහු ගමන් බෑගය සමඟ බස් රථයට ගොඩවන අයුරු හඳුනා ගැණින.
රියදුරු හා කොන්දොස්තරවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමේ දී ඔහු එම ගමන් බෑගය සමඟ බස් රථයේ පැමිණි බව තහවුරු වී තිබේ.
මියගිය තරුණිය සමඟ කලකට පෙර ඇතිකර ගත් සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය කෙරුණු තරුණිය හා සැකකාර පුද්ගලයා ලැඟුම් ගෙන සිටි පහළ හංවැල්ල ප්‍රෙද්ශයේ නවාතැන්පළ අද නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින්ගේ විමර්ශනයට ලක්වූහ.