පොළොන්නරුවේ වී ගොවීන්ගේ නිවෙස් වෙතම ගොස් වී මිලදී ගැනීම සිදු කෙරුණේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වී මිලදී ගැනීම සිදු කෙරෙන්නේ, වී අලෙවි මණ්ඩලය මගින් 16%කට අඩු, තෙත බරකින් යුත් නාඩු වී කිලෝවක් රුපියල් 56.50කට මිලදී ගැනේ.
වී අලෙවි මණ්ඩලයේ ගබඩා 26ක් ඒ සඳහා විවෘත කර තිබේ. වී මිලදී ගන්නා අවස්ථාවේදීම මුදල් ලබාදීම ද සිදු කෙරේ. මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.