“කෘඩීයා සෙලෙනිකා“ වර්ගයේ ගසක් හා පැළ 06ක් ගම්පහ උද්භිත උද්‍යානයේ.....

මාර් 14, 2021

    පඬුකරඳ හෙවත් “කෘඩීයා සෙලෙනිකා“ වර්ගයේ විශාල ගසක් හා සංරක්‍ෂිත පැළ 06ක් ගම්පහ උද්භිත උද්‍යානයේ ඇතැයි, එහි සහකාර අධ්‍යක්‍ෂ රැවිනි ගෝමස් මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව සඳහන් කළේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ එම ශාක නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති පඬුකරඳ ගස පවතින එකම ශාකය බවට පසුගියදා මත පළ කෙරිණ.

    එහෙත් ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්‍ෂ රුවිනි ගෝමස් මහත්මිය පවසන්නේ, මීට අමතරව අත්තනගලු ඔයේ ශාඛාවක් වන මැඩිල්ල ඇළ, දොරණගොඩ, මිනුවන්ගොඩ, හෙන්ඩිම හරහා කඩුවෙල හා කදිරාන ප්‍රදේශවලින් ද මෙම ශාඛය නිරීක්‍ෂණය වූ බවයි.

    පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මෙම ශාඛයේ පැළ 20ක් ඇති බවයි, ඇය සඳහන් කළේ. එමෙන්ම දාරළුව ප්‍රදේශයේ තවත් පඬුකරඳ විශාල ගසක් හා කුඩා ගසක් හමුවූ බව, අමාත්‍යවරයාට ඇය පැවසුවාය.

    ආන්දෝලනයට ලක්වූ ශාඛය හා උද්‍යානයේ ඇති ශාඛ එකම වර්ගයේ බවට තහවුරු වූයේ කෙසේ දැයි අමාත්‍යවරයා ඇයගෙන් විමසීය. ඊට පිළිතුරු දෙමින් සහකාර අධ්‍යක්‍ෂවරිය සඳහන් කලේ, ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්‍ෂණයක් සිදු කළ බවයි. දාරළුව ප්‍රදේශයේ ඇති ශාඛය, උද්භිද උද්‍යානයේ ඇති ශාඛවලට සෑම අතින්ම සමාන බවයි.

    Latest News