අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ අපවත් වෙති (වීඩියෝ)

මාර් 22, 2021
  • ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වී තිබේ.

    අද (22) අලුයම 3.00ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී උන්වහන්සේ අපවත් වු බව වාර්තා වේ.

    කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 වැනි වියෙහි පසුවූහ.

    1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ, කොටුගොඩ ග්‍රාමයේ දී උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

    Last modified on සදුදා, 22 මාර්තු 2021 20:28

    Latest News