ඒ, කොළඹ නිදහස් චතුරශ්රයේදීය. මහා නා හිමියන්ගේ ශ්රීදේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 1.30 දක්වා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.
මහානාහිමි ශ්රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය යෙදෙන අද දිනය ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර ඇත.
ආදාහන කමිටුවේ සාමාජික කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න මහතා පැවසුවේ, මහා නා හිමියන්ට කෙරෙන ගෞරවයක් ලෙස කොළඹ දිස්ත්රික්කයේ සියලු සුරා සැල් හා මස් අලෙවි සැල් ද අද දිනයේ වසා තැබෙන බවයි.
ගල්කිස්ස ධර්මපාල විහාරස්ථානයෙන් ගමන් අරඹන ශ්රී දේහය රැගත් රිය පෙරහැර ගාලු පාර ඔස්සේ දෙහිවල, වැල්ලවත්ත හරහා පැමිණ බම්බලපිටිය වජිර පාරෙන් හැරී හැව්ලොක් පාරට පිවිස තුම්මුල්ල මංසන්ධිය, තර්ස්ටන් පාර ඔස්සේ නිදහස් වටරවුම හරහා පස්වරු 3.00 පමණ වනවිට නිදහස් චතුරස්රයට ළඟා වීමට සැලසුම් කර ඇත.
එම කාලසීමාව තුළ මාර්ග තදබදයක් ඇති වීම අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසීය ජනතාවට දැනුම් දෙයි.