මේ නිසා රජය ඊටම වෙන්වුණු දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එය “ගම් පෙරළිය“ වැඩසටහනයි. රුපියල් බිලියන 80කට අධික මුදලක් ඒ සඳහා වෙන්කර ඇත. ගම්පෙරළිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණ.
රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ පානීය ජල ව්‍යාපෘති දෙකක් පසුගියදා විවෘත විය. ගොඩිගමුව, අරලියඋයන, වලදුර, මූකලන්හේන ප්‍රදේශවල පවුල් 100කට පමණ ඉන් සෙත සැලසේ. මේ අතර කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොන්ක්‍රීට් දමා සංවර්ධනය කෙරුණු මාර්ග හතරක් ද ජනතා අයිතියට පත් කෙරිණ.