මුදල් කොමිෂන් සභා නව ගොඩනැගිල්ල විවෘත කෙරේ (වීඩියෝ)

පෙබ 01, 2019

    මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (01) පෙරවරුවේ විවෘත කෙරිණි.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය යටතේ මුදල් කොමිෂන් සභාව 1987 වර්ෂයේ දී ස්ථාපිත කරන ලදී. 1988 දී ආරම්භ වී වසර තිහක වැනි කාලසීමාවක් තුළ මුදල් කොමිෂන් සභාවේ කාර්යාලය විවිධ ස්ථානවලට මාරු වීම හමුවේ ආයතනයේ ක්‍රියාකාරිත්වයට මෙන් ම ආයතනයේ කාර්ය මණ්ඩලයට ද නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු විය.

    මෙම දුෂ්කරතා හදුනා ගනිමින් 2016 වසරේ දී මුදල් කොමිෂන් සභාව සදහා නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර ඉන් පසුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රාජගිරිය සරණ මාවත අංක 03 දරණ ස්ථානයේ මෙම නව සය මහල් ගොඩනැගිල්ල ඉදිකර අවසන් කෙරිණි.

    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    Last modified on සෙනසුරාදා, 02 පෙබරවාරි 2019 18:26

    Latest News