වයඹ රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට බලපත්‍ර (වීඩියෝ)

පෙබ 01, 2019

    වයඹ පළාතේ රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට ඉඩම් දීමනා පත්‍ර සහ බලපත්‍ර ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය නිකවැරටියේ දී අද (01) ආරම්භ විය.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචි සහ ඉඩම් සංවර්ධනය කරගෙන සිටින ගොවි ජනතාවට දීමනා සහ බලපත්‍ර 2,000ක් අද පිරිනැමිණ. මෙය අද සිදු කෙරුණේ, මෙරට සියලු පුරවැසියන්ට භූමියේ හිමිකම තහවුරු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින්. දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    2015 සිට දෙලක්‍ෂ හතළිස් අටදහස් හතළිස් නවයකට ඉඩම් දීමනා පත්‍ර සහ බලපත්‍ර ලබාදී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේදී දිස්ත්‍රික්ක නවයක ජනතාවට ඉඩම් දීමනා හා බලපත්‍ර 30,727ක් බෙදා දී ඇත.

    Last modified on සෙනසුරාදා, 02 පෙබරවාරි 2019 18:48

    Latest News