රන්ජන්ගේ අසුනට අජිත් මාන්නප්පෙරුම

අප්‍රේ 08, 2021

    පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා සමඟි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ලබා සිටින අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතව තිබේ.

    2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී ඒ මහතා මනාප ඡන්ද 47,212ක් හිමි කර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට පත්ව තිබිණි.

    අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    Latest News