අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පොලිස් නිලධාරීයෙකු තව දුරටත් රිමාන්ඩ්

අප්‍රේ 09, 2021

    රුපියල් දස දහසක අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වරයා ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.

    එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් කර නොමැති බවයි.

    ඒ අනුව සැකකරු ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

    ව්‍යපාරිකයෙකුට හෝටලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය උපකාර කිරීම සඳහා රුපියල් දසදහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

    Latest News