උත්සව සමයේ ලංගම විශේෂ බස් සේවාවක්

අප්‍රේ 09, 2021

    එළඹෙන උත්සව සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා ලංගම විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මකයි.

    අද සිට දුර ගමන් සේවා අමතර බස් රථ 200ක් ධාවනයට එක් කළ බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. ලබන සඳුදා සිට තවත් බස් රථ 200ක් ධාවනයට එක් කිරීමට නියමිතයි. ගම්බිම් බලා යන ජනතාවට ලබන 15 වැනිදායි පසු කොළඹට පැමිණිමට ද ප්‍රමාණවත් තරම් බස් රථ යෙදවීමට පියවර ගෙන තිබේ.

    අද සිට ලබන 21 දක්වා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ පැය 24 පුරා විශේෂ මෙහෙයුම් මැදිරියක් ද ක්‍රියාත්මකයි. සියලුම ඩිපෝවල බස් රථ හදිසි අවස්ථාවදී භාවිත කිරීමට සූදානම් කර තිබේ.

    Latest News