ඇල්ල ප්‍රා. සභාවේ චන්ඩි සභාපති සොයා මෙහේයුමක්

පෙබ 03, 2019

    ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානබාර නිලධාරියාට බැන තර්ජනයකර පහරදි ඇති බව ඇල්ල පොලිසිය පවසයි.

    පහර කෑමට ලක්වු ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශයේ නිළධාරියාව බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

    සැකකාර සභාපතිවරයා තවත් පිරිසක් සමග අද (3) දා දවල් 11-30 පමණ මෙම සචාරක තොරතුර මධ්‍යස්ථානයට කඩාවැදි එම පරිශ්‍රෙය් යතුරු ඉල්ලා ඇති අතර ළග නැති බව පැවසූවිට කනට ගැසූ බව ඔහු කියා සිටි. එන් අනතුරුව දැව භාණ්ඩ පැහැරගෙන ගිය බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන්වේ.

    ඕස්ට්‍රෙලියාවේ ෂන්සයින් කෝස්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නොයෙල් ස්කොට් මහතාගේ අනුග්‍රහයෙන් ඌව, පළාත් සංචාරක අමාත්‍යාංශය හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉදිකළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය පස්වනදා විවෘත කිරීමට නියමිතයි. එම මහාචාර්ය වරයා ශ්‍රීලංකාවට පැමිණ ඇල්ලේ නතරවී සිටින බවත් ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය මහතා පැවසීය. එම උත්සවයට සූදානම් කර තිබූ ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයට අයත් මේස 2ක් හා පුටු 7ක් ලොරියක පටවාගෙන ගොස් ඇත. උත්සව කටයුතු සූදානම් කර මින් සිටි ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයේ සේවිකාවන්ට බැන තර්ජනය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ගෙන් 6 දෙනෙක් (3) දා සවස අත්අඩංගුවට ගෙන තිබේ. පැහැරගෙන ගිය ලීබඩු සහ ඊට උපයෝගි කරගත් ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත් ලොරි රථයද පොලිසිය බාරයට ගත් බවත් ඇල්ල පොලිසිය පවසයි. පහරදීම සිදුකළ සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරින් යොදවා ඇති බව ඇල්ල පොලිසිය සදහන් කළේය.

    Latest News